පාස්කු ඉරුදිනය අදයි

පාස්කු ඉරුදිනය අදයි

මිනිස් ජීවිතයට විමුක්තිය ලබාදුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උත්ථානය සිහි කරමින් සකල ලෝකවාසි කිතුණු ජනතාව අද (20) පාස්කු මංගල්‍යය සමරනවා.

මිනිස් වර්ගයා පවින් ගලවා ගැනීම උදෙසා මීට සියවස් ගණනාවක‍ට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියක් මත දිවි පිදුවේ කල්වාරියේ ගොල්ගොතා කඳු මුදුනේදියි.

කිතුණු විශ්වාසයට අනුව උන්වහන්සේ මරණයෙන් නැගිටීම එනම් උත්ථානය සිදුව ඇති දිනය පාස්කු ඉරිදා ලෙස හැඳින්වෙනවා.

පාස්කුව යනු මිනිසාට එතෙර වීමට දෙවියන් වහන්සේ දුන් මහානර්ඝ තිළිණය වන අතර ප්‍රේමය ගැන කතා කරන්නේ නම් නිසැකවම පාස්කුව එහි සන්ධිස්ථානයයි.

පාස්කුව මතින් ශුද්ධ වූ සභාව බිහි වූ අතර ලොව පුරා ප්‍රේමයේ දහම ව්‍යාප්ත වීමද සිදු වුණා.

Share This