
පාස්කු ඉරුදින ප්‍රහාරයේ ජනාධිපති කොමිසමේ වාර්තාව ජනපති නියමයෙන් CIDයට
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබෙනවා.
අදාළ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සහ ලේඛන ඇතුලත් වෙළුම මෙලෙස අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිවරයාගේ උපදෙස් මත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව සහ අලුත් දිශානතියක් ඔස්සේ දියත් කෙරුණු බව සඳහන්.
ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර 6ක් ගතවන අවස්ථාවේ මෙම මිලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීමට රජය සමත් වී තිබෙනවා.