
පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ප්‍රගතිය ජනපති එ.ජා. මහ ලේකම්ට දන්වයි
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඉදිරියේදී එවක සේවය කළ යුද හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සමගාමීව අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ මෙවර සැසිවාරයට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් අතර හමුවක් ඊයේ එම මූලස්ථානයේදී පැවැත්වුණා.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පසුගියදා ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇතුළු නිලධාරී මඬුල්ලක් එක්වුණා.
ඊයේ දින ජනාධිපතිවරයා සැසිවාරය අමතමින් දූෂණය තුරන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව රාජ්‍ය නායකයින් දැනුවත් කළ අතර, ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් අතර හමුවක් එම මූලස්ථානයේදී පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකා රජයේ නව ප්‍රගතිශීලී වැඩපිළිවෙළ අගය කළ මහලේකම්වරයා ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටින බවත්, ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙනී සිටින අතර, ඊට පූර්ණ ලෙස සහයෝගය පළ කරන බවත්, ප්‍රකාශ කර සිටියා.
