
පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)
එළැඹෙන අප්‍රේල් 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කිහිපදෙනෙකු හෙළිදරව් කිරීමට බලාපොරොත්තුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා
දෙයියන්දර ප්‍රදේශයේ අද (30) පැවති ජන රැළියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා
එමෙන්ම වංචා දූෂණ සහ අපරාධ මෙන්ම, පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ ඉතා විධිමත්ව කඩිනමින් සිදු කෙරෙන බවත් ඔහු එහිදී කියා සිටියා