පැටවා අහිමිව වැළපෙන කෙනර (VIDEO)

පැටවා අහිමිව වැළපෙන කෙනර (VIDEO)

කිරල්පැටියාව , සූරියදමන ප්‍රදේශයේ අතහැර දැමූ වගා ළිඳකට වැටී සිටි අලි පැටවකු මියගොස් ඇති අතර කෙනෙර ගේ දිවි බේරා ගැනීමට හැකිවී තිබෙනවා.

අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිරල් පැටියාව, සූරියදමන ප්‍රදේශයේ අතහැර දැමූ හේනක කපන ලද වගා ළිඳට මෙම අලි පැටවා සහ කෙනර වැටී සිටියා.

ප්‍රදේශවාසීන් දැකීමෙන් අනතුරුව මහවිලච්චි වනජීවී කාර්යාලයේ නිලධාරී දැනුවත් කිරීමෙන් පසු ඔවුන් සහ ප්‍රදේශවාසීන් එක්ව කෙනෙර නිරුපද්‍රිතව බේරාගත් අතර අලි පැටවා ළිඳ තුළම ජීවිතක්ෂයට පත්ව තිබුණා.

වනජීවී නිලධාරීන් සැක පල කරන්නේ මෙම වන අලින් දෙදෙනා සතියක පමණ කාලයක් මෙම ළිඳ තුළට වැටී සිට ඇති බවයි.

එම හේතුවෙන් මෙම අලි පැටවා මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇති බවට වනජීවී නිළධාරින් පවසනවා.

අලි මවද ගොඩගැනීමට ඉතා වෙහෙසක් දැරීමට සිදු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඉතා දුර්වල තත්ත්වයෙන් සිටි කෙනර ද පසුව කැලෑ ප්‍රදේශයට ගමන් කර තිබෙනවා.

Share This