
පැය 4කට පසු දයාසිරි CID යෙන් පිට වෙයි
ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී පිටව ගොස් තිබෙනවා.
සමාජයේ කතා බහට ලක්ව ඇති බහාලුම් 323ක් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයා අද (06) පස්වරු 2.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.