පැරිසියේ ගුවන් තොටුපලක් අවහිර කරමින් කම්කරුවන් විරෝධතාවක

පැරිසියේ ගුවන් තොටුපලක් අවහිර කරමින් කම්කරුවන් විරෝධතාවක

විශ්‍රාම යාමේ වයස වැඩි කිරීමට විරෝධය පල කරමින් ප්‍රංශයේ කම්කරුවන් සිදු කරන වි⁣රෝධතා තවදුරටත් දැඩි කර තිබෙනවා

ඒ අනුව විරෝධතාකරුවන් අද (23) විරෝධතා දිනයක් ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ඔවුන් පැරීසියේ ප්‍රධාන ගුවන් තොටුපලේ (Paris Charles de Gaulle Airport) පර්යන්තයකට ප්‍රවේශ වීම අවහිර කරමින් විරෝධතාවයේ නිරතව ඇති අතර සංචාරකයින් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

විරෝධතාකරුවන් “විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණය එපා” යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Share This