පැහැර ගැනීමට ලක් වූ බව කී වැලිගම සභිකයා සහ සභිකාව උණවටුන වෙරළින් මතුවේ

පැහැර ගැනීමට ලක් වූ බව කී වැලිගම සභිකයා සහ සභිකාව උණවටුන වෙරළින් මතුවේ

පැහැර ගැනීමට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබල වේගයේ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා ගාල්ල ,උණවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබෙනවා.

ඔවුනට කිසිදු හානියක් වී නැතැයි පොලීසිය පැවසුවා.

පොලිස් මාධ්‍ය කොට්ටාශය සදහන් කළේ අදාල මන්ත්‍රීවරයා කනංකේ පොලීසියට ඒ පිළිබදව පැමිණිල්ලක් සිදුකර ඇති බවයි.

අදාල මන්ත්‍රීවරුන් දෙපළ අද පෙරවරුවේ ප්‍රාදේශීය සභාව වෙත ත්‍රිරෝද රථයකින් පැමිනෙමින් සිටියදී කැබ් රථයකින් පැමිණි පිරිසක් අදාල සභිකයින් දෙදෙනා මුහුණු ආවරණය කර පැහැර ගැනීමට ලක්කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පසුව දහවල් කාලයේ ඔවුන් උණවටුන වෙරළ තීරයට රැගෙනවිත් දැමූ බවටයි මෙම සභිකයා සහ සභිකාව පොලීසියට පවසා ඇත්තේ.

මේ හේතුවෙන් අද පෙරවරුවේ වැලිගම ප්‍රාදේශීය සභාවට සභාපතිවරයකු සහ සහ උප සභාපතිවරයකු තෝරා ගැනීමේ කටයුතුවලට බාධා පැමිණුනා.

ඒ අනුව ඡන්ද විමසීම දින නියමයකින් තොරව කල් ගියා.

Share This