
පෑලියගොඩ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයෙක් මරුට
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආසන්නයේ ශ්‍රී ඥාණරතන මාවතේදී අද පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුවුණා.
මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ දෙදෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඉන් එක් අයකු අද දහවල් ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ආරංචි මාර්ග පැවසුවා.
පොලිසිය පැවසුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව පැවසෙන පූකුඩුකන්නාගේ ගෝලයෙකු ඇතුළු තවත් අයෙකු එම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආසන්නයේ ශ්‍රී ඥාණරතන මාවතේදී මෙම වෙඩි තැබීම සිදු වූ අතර, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් අයෙක් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව පැවසෙන පූකුඩුකන්නාගේ ගෝලයෙකු එම වෙඩි ප්‍රහාරයේ ඉල්ලකය බවට ලක්ව ඇති ඇති අතර, තවත් පුද්ගලයෙකු එම වෙඩිතැබීමෙන් තුවාල ලැබුවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.