පිටුවහල් කළ තායිලන්තයේ හිටපු අගමැති වසර 15කට පසු යළිත් එරටට (VIDEO)

පිටුවහල් කළ තායිලන්තයේ හිටපු අගමැති වසර 15කට පසු යළිත් එරටට (VIDEO)

තායිලන්තයේ මීළඟ නායකයා කවුරුන්ද යන්න තීරණය කෙරෙන ඡන්ද විමසීමට පැය කිහිපයකට පෙර හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා තායිලන්තයට යළිත් පැමිණ තිබෙනවා.

ඔහු වසර 15ක කාලයක් පිටුවහල් කිරීමෙන් පසු තායිලන්තයට යළි පැමිණ තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

තායිලන්තයේ වඩාත්ම සාර්ථක තේරී පත් වූ නායකයා ලෙසයි හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රාව හැඳින්වුයේ

හිටපු අගමැතිවරයා ඩුබායි සිට සිංගප්පූරුව හරහා පුද්ගලික ජෙට් යානයකින් පැමිණ බැංකොක් අගනුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඔහුගේ ආධාරකරුවන් සිය ගණනක් තක්ෂින් ෂිනවත්‍රාව පිළිගැනීමට පැමිණ තිබූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ආචාර කිරීමට තක්ෂින්ට එහිදී නොහැකිවී තිබෙනවා .

දියණියන් දෙදෙනා සහ පුතු සමග කෙටි වේලාවක් සිටි ඔහු ගුවන් තොටුපල පර්යන්තයෙන් පිටතට පැමිණ රජුගේ සහ රැජිනගේ ප්‍රතිමූර්තියකට ගෞරව දක්වනු ලැබුවා

පසුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගෙන යන ලද අතර එහිදී ඔහුට වසර අටක සිර දඬුවමක් නියම කර තිබෙනවා

ඉන්පසුව බැංකොක් රිමාන්ඩ් බන්ධනාගාරය වෙත යොමු කර ඇතැත් ඔහු දිගු කලක් අත්අඩංගුවේ සිටිනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකරන බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This