පිපෙන්නට ආසන්නව මඟ බලමින් සිටින මළකඳ මල
“මළකඳ මල” ලෙස හැඳින්වෙන වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පුෂ්පයක් ඕස්ට්‍රේලියාවේ පිපීමට ආසන්නව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අන්තර්ජාලය තුළ වඩාත් සිත් ඇදගන්නා සුලු දර්ශනවලින් හෙබි මෙම පුෂ්පය ප්‍රථම වරට පිපෙන ආකාරය දැකගැනීම සඳහා දැනටමත් දහස් ගණනක් බලා සිටින බව සඳහන්.
සිඩ්නි රාජකීය උද්භිද උද්‍යානයේ තබා ඇති මෙම අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන “ටයිටන් ඇරම්” නම් ශාකය, පැය 24 ක් තුළ වසර කිහිපයකට වරක් පමණක් පිපෙනු ඇති බව වාර්තා වන්නේ.
“ආදරයෙන් පුට්‍රිෂියා” ලෙස හඳුන්වන එය, “තෙත් මේස්, උණුසුම් බළල් ආහාර හෝ කුණුවන පොසම් මස්” ලෙස විග්‍රහ කෙරෙන සුවඳක් නිකුත් කෙරෙනු ඇති බව සඳහන්.