
පියා කැපූ වල 8 හැවිරිදි දරුවාගේ ජීවිතය උදුරා ගනී
පියා විසින් කපා තිබූ වැසිකිලිවලකට වැටී 8 හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව, කිව් වතු යායේ ඉහළ කොටසේ පදිචි වී සිටි එම වතුයායේම 3 ශ්‍රේණියේ පදිචිව සිටි හෙලෝන් සසාන් නමැති දරුවෙක්.
කිව් වතුයායේ ඉහළ කොටසේ වතු කම්කරුවකු අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිලියක් ඉදිකිරීම සදහා අඩි 6 ක පමණ ගැඹුරින් යුත් වලක් කපා තිබෙනවා.
එම වලේ වැසි ජලය පිරී තිබූ අවස්ථාවේ ඒ අසලින් ගමන් කිරීමට ගිය දරුවා වලට වැටෙන්නට ඇති බවට සැක කරනවා.
දරුවා නිවසේ නොමැති නිසා වැසිකිලි වල කැපූ ස්ථානයේ කළ සෝදිසියේ දී ඔහුගේ සෙරෙප්පු යුවල තිබීම හේතුවෙන් වල පරීක්ෂා කිරීමේ දී දරුවා එහි වැටී සිටිය දී ඊයේ (03) සවස සොයා ගැනුණා.
දික්ඔය මූලික රෝහලට පසුව දරුවා ඇතුලත් කළ දේ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලීසිය සදහන් කළා.