පිලිපීනයට බලපෑ නෝරු සුළි කුණාටුවෙන් ගලවා ගැනීමේ සේවකයින් 4ක් ජීවිතක්ෂයට(VIDEO / PHOTOS)

පිලිපීනයට බලපෑ නෝරු සුළි කුණාටුවෙන් ගලවා ගැනීමේ සේවකයින් 4ක් ජීවිතක්ෂයට(VIDEO / PHOTOS)

පිලිපීනයට බලපෑ නෝරු සුළි කුණාටුවෙන් ගලවා ගැනීමේ සේවකයින් හතර දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මැනිලා අගනුවරට උතුරින් සැන් මිගෙල් දිස්ත්‍රික්කයේ ගලවාගැනීමේ සේවකයින් මෙහෙයුම් සිදු කරමින් සිටියදී හදිසියේ පැමිණි ගංවතුරෙන් ඔවුන් ගසාගෙන ගොස් ,එක් අයෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

74,000 කට අධික පිරිසක් සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර, මැනිලා අගනුවර ප්‍රදේශවලට බරපතල ගංවතුරක් ඇතිවිය හැකි බවට නිලධාරීන් මීට පෙර අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබෙනවා

මැනිලා නගරයට නැගෙනහිරින් පිහිටි Quezon පළාතේ ධීවරයින්ට මුහුදු යාම වළක්වා තිබූ අතර ඇතැම් ප්‍රදේශවලට විදුලියද විසන්ධි වී ඇති බවයි පැවසෙන්නේ

එරට ජනාධිපතිවරයා සියලුම රජයේ වැඩ අත්හිටුවන ලද අතර පාසල් පන්ති ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගුවන් ගමන් සහ පාරු සේවාද අවලංගු කර ඇති බව සඳහන් වනවා.

Share This