පිලිපීනයට බලපෑ Ewiniar කුණාටුව නිසා 7 දෙනෙකුට ජීවිත අහිමි වෙයි

පිලිපීනයට බලපෑ Ewiniar කුණාටුව නිසා 7 දෙනෙකුට ජීවිත අහිමි වෙයි

පිලිපීනයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

Ewiniar කුණාටුවේ බලපෑමෙන් එරට ප්‍රදේශ රැසක ජල ගැලීම්, නාය යෑම් ඇතුළු ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

ඒ අනුව එරට ගුවන් තොටුපළ සහ වරායන් වසා දමා ඇති අතර විදුලි සැපයුමට ද බාධා එල්ල වී තිබෙනවා.

Ewiniar කුණාටුවේ වේගය පැයට කිලෝමීටර් 160 ඉක්මවා හමා යනු ඇති බවටයි පිලිපීන බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

Share This