පිලිපීනයේ ගුවන් තොටුපළක් ඉදිරිපිට මාරක අනතුරක්

පිලිපීනයේ ගුවන් තොටුපළක් ඉදිරිපිට මාරක අනතුරක්

පිලිපීනයේ මැනිලා හි නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දොරටුව අසලදී මෝටර් රථයක් ගැටීමෙන් කුඩා දැරියක් ඇතුළු දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය දැරිය සිව් හැවිරිදි වියේ පසුවන අතර තවත් කිහිපදෙනෙකු එම අනතුරින් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම අනතුර හේතුවෙන් ගුවන් තොටුපලේ ඉදිරිපස දේපළ කිහිපයකට ද හානි සිදුව තිබෙනවා.

මෝටර් රථයේ රියදුරු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලැබූවන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This