පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පිලිපීනයේ Mindanao ප්‍රදේශය ආශ්‍රිතව හටගත් ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් රටවල් රැසකට සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

රිච්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම්දී ඇත්තේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, Palau සහ මැලේසියාවේ සමහර ප්‍රදේශවලට සුනාමි රළ පහර ඇතිවෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.

මේ අතර ජපානයේ ඇතැම් ප්‍රදේශවලට මීටර 3ක පමණ උසට සුනාමි රළ පැමිණෙනු ඇති බවට අනතුරු අඟවා තිබෙනවා.

Share This