
පිලිපීන මුහුදේ යාත්‍රාවක් පෙරළෙයි -පිරිසක් අතුරුදන්
පිලිපීනයේ මින්ඩෝරෝ ආශ්රිත මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාවක් පෙරළී යාමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 10 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ අදාළ යාත්‍රාවේ පිලිපීන ජාතිකයින් 13 දෙනෙකු සහ චීන ජාතිකයින් 12 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 25 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු පමණ එහිදී දිවි ගලවාගැනීමට සමත් වී තිබෙනවා.
අතුරුදන්වූවන් අතර පිලිපීන ජාතිකයින් 7 දෙනෙකු සහ චීන ජාතිකයින් තිදෙනෙකු සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.