පුංචි ඡන්දයට බලයලත් නියෝජිතයින් පත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

පුංචි ඡන්දයට බලයලත් නියෝජිතයින් පත් කිරීම ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා බලයලත් නියෝජිතයින් පත් කිරීම නාමයෝජනා කිරීමේ කාලසීමාව ආරම්භ වීමට යටත් පිරිසයෙන් පැය 72කට පෙර සිදුකළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

පිළිගත් දේශපාලන පක්ෂ බලයලත් නියෝජිතයින් පත් කිරීමේ ලිපි ලබන 14 වනදා පෙ.ව.8.30ට පෙර ඒ ඒ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබා දිය යුතු බවයි එම කොමිසම නිවේදනය කරන්නේ.

ස්වාධීන කණ්ඩායම් අදාළ කණ්ඩායම් නායකයා විසින් ඇප මුදල් තැන්පත් කරන අවස්ථාවේදී අපේක්ෂකයින් අතුරින් යම් තැනැත්තෙකු එම කණ්ඩායමේ බලයලත් නියෝජිතයා ලෙස පත් කළ හැකි බව සඳහන්.

ලබන 13 වනදා පෝය දිනය රජයේ නිවාඩු දිනයක් වුවද මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යාලය සහ සියළුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල විවෘතව තැබෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

Share This