
පුංචි ඡන්දයේ අපේක්ෂකයින් හෙට මැදියම් රැයට පෙර ආදායම් වියදම් වාර්තා ලබාදිය යුතුයි
පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා හෙට (27) මධ්‍යම රාත්‍රී 12.00ට හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මැතිවරණය සඳහා තරග වැදුනු සියලු අපේක්ෂකයින්, අපේක්ෂකයින් නියෝජනය කරන ලද පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව තම මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම සකස්කර ඉදිරිපත් කළ යුතුව පවතිනවා.
අදාළ වාර්තා අපේක්ෂකයින් තරග කළ පළාත් පාලන ආයතනවල තෙරීම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතුයි.
අපේක්ෂකයින් විසින් ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකිරීම නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර ඊට අදාළව මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුකූලව නීත්‍යානුකූලව කටයුතු කරන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.