පුටින්ගෙන් කිම්ට සුඛෝපභෝගී මෝටර් රථයක්

පුටින්ගෙන් කිම්ට සුඛෝපභෝගී මෝටර් රථයක්

රුසියානු ජනාධිපති Vladimir Putin විසින් උතුරු කොරියානු නායක Kim Jong Unට රුසියාවේ නිෂ්පාදිත සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දී තිබෙනවා.

Pyongyang හි රාජ්‍ය මාධ්‍ය පැවසුවේ limousine රථය Kimගේ ප්‍රබල සහයකයින් වෙත ලබාදී ඇති බවයි.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු ජාත්‍යන්තර වශයෙන් හුදකලා වූ රටවල් දෙක සමීප සබඳතා ගොඩනඟා ගැනීමේ උත්සාහයක නිරත වන බවයි සඳහන් වන්නේ.

රටවල් දෙකටම ජාත්‍යන්තර සම්බාධක පනවා තිබියදීත්, උතුරු කොරියාව යුද්ධය සඳහා කාලතුවක්කු, රොකට් සහ බැලස්ටික් මිසයිල රුසියාවට සපයනු ඇති බව සැලකෙනවා.

Kim Jong-un මෝටර් රථ ලෝලියෙකු වන අතර සුඛෝපභෝගී විදේශීය වාහන එකතුවක් ඔහුට ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් උතුරු කොරියාවට මෙම තෑගි ලබාදීම සම්බන්ධයෙන් දකුණු කොරියාව අදහස් පළ කර තිබෙනවා.

දකුණු කොරියාවේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ මෙම ක්‍රියාව නිසා උතුරු කොරියාව හා රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්බාධක කඩ කර ඇති බවයි.

ඒ සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු ඇතැම් වර්ගවල වාහන සැපයීම එම සම්බාධක ඔස්සේ තහනම් කර තිබීම හේතුවෙන්.

Share This