පුටින් යුක්‍රේනයේ Kherson වෙත

පුටින් යුක්‍රේනයේ Kherson වෙත

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ Kherson ප්‍රදේශයේ තම හමුදාවන් සිටින ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවකට ගොස් ඇති බව ක්‍රෙම්ලිනය වාර්තා කර තිබෙනවා.

ඔහු හමුදාපතිවරුන්ගේ අණදෙන රැස්වීමකටද සහභාගි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රුසියාව විසින් පසුගිය වසරේ ඈඳා ගත් Kherson කලාපයට මෙන්ම Luhansk ප්‍රදේශයට ද රුසියානු ජනාධිපතිවරයා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

පසුගිය මාර්තු මාසයේදී මරියුපෝල් නගරයට හදිසි සංචාරයක් කළ ද රුසියානු නායකයාගේ මෙවැනි චාරිකා දුර්ලභ බවයි වාර්තා වන්නේ.

Kherson වෙත සංචාරය සිදු වූයේ කවදාදැයි නොදන්නා නමුත් රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ මොස්කව් රුසියාවේ කොටසක් ලෙස ප්‍රකාශ කර ඇති Zaporizhzhia කලාපයේ තත්ත්වය පිළිබඳව ද රුසියානු ජනාධිපතිවරයා විමසූ බවයි.

කෙසේ වෙතත්, යුක්‍රේනයේ සමහර කලාපයන් තවමත් රුසියානු පාලනය යටතේ පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

Share This