පුද්ගලයින් 10 දෙනෙකුට මරු කැඳවූ ඉන්දියාවේ දුම්රිය මැදිරියක ගින්න

පුද්ගලයින් 10 දෙනෙකුට මරු කැඳවූ ඉන්දියාවේ දුම්රිය මැදිරියක ගින්න

ඉන්දියාවේ මදුරෙයි දුම්රිය ස්ථානයේදී දුම්රිය මැදිරියක හටගත් ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් 20කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

එම මැදිරියේ ගමන් කළ වන්දනාකරුවෙකු නීතිවිරෝධී අයුරින් ළඟ තබාගත් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පිපිරීම සිදුවන අවස්ථාවේ දී එහි පුද්ගලයින් 50කට අධික පිරිසක් සිට ඇති බව සඳහන්.

අදාළ සිදුවීමෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ගෙවීමට ඉන්දීය රජය තීරණය කර තිබෙනවා.

Share This