පුද්ගලවාදය සහ පක්ෂවාදය පසෙක තබා රට වෙනුවෙන් එක්ව ඉදිරියට යමු

පුද්ගලවාදය සහ පක්ෂවාදය පසෙක තබා රට වෙනුවෙන් එක්ව ඉදිරියට යමු

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා

වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අද (30) මාතර කොටුව ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා

රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බවත් මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවත් ඔහු එහිදී පැවසුවා

ජන හමුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව දේශපාලන ගමනක ආරම්භය අද මාතරින් සනිටුහන් වී තිබෙන බවයි.

Share This