
පුද්ගලික අංශයටත් වැටුප් වැඩි වීමක්
පුද්ගලික අංශය සඳහා ද මෙවර අයවැයෙන් වැටුප් වැඩිකිරීමක් යෝජනා කර තිබෙනවා.
ඒ අනුව පුද්ගලික අංශයේ සේවකයන්ගේ දැනට පවතින අවම මාසික වැටුප රුපියල් 21,000 සිට 2025 වසරේ අප්‍රේල් මාසය වන විට රුපියල් 27,000ක් ලෙස සහ 2026 වසරේ ජනවාරි මාසය වන විට එය රුපියල් 30,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.
මේ සඳහා සේවායෝජකයින්ගේ සංගමය එකඟ වී ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසුවේ.