පේරාදෙණියේ ප්‍රතිකාර ලබන ලමුන්ගේ සුවදුක් බලන්න ඇමති පෝල්රාජ් යයි

පේරාදෙණියේ ප්‍රතිකාර ලබන ලමුන්ගේ සුවදුක් බලන්න ඇමති පෝල්රාජ් යයි

ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී සිදු වූ අනතුරින් තුවාල ලැබූ පේරාදෙණිය ළමා රෝහලේ ප්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු පිරිසක් රෝහල වෙත ගොස් තිබෙනවා.

මෙහිදී අමාත්‍යවරිය විසින් අදාළ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර පිලිබද සොයාබලා ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරි කටයුතු වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සහයෝගය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන එකම පවුලේ දරුවන් තිදෙනා සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයක් යොමුව ඇති බවද සඳහන්.

Share This