පේරු හි වසර 4000ක් පැරණි විහාරස්ථානයක නටබුන් සොයා ගැනේ

පේරු හි වසර 4000ක් පැරණි විහාරස්ථානයක නටබුන් සොයා ගැනේ

පේරු හි වැලි සහිත කාන්තාර දිස්ත්‍රික්කක් වන Zana හි වසර 4000ක් පැරණි විහාරස්ථානයක නටබුන් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව පුරාවිද්‍යාඥයින් කණ්ඩායම විසින් උතුරු පේරු හි වැලි කන්දක වැළලී තිබූ පැරණි විහාරස්ථානයක නටබුන්, ආගමික චාරිත්‍ර සඳහා පූජා කළ හැකි අස්ථි කොටස් එහි තිබී සොයා ගෙන ඇති බව සඳහන්

එමෙන්ම වැඩිහිටියන් තිදෙනෙකුගේ අස්ථි කොටස් නටබුන්වල තිබී සොයා ගෙන ඇති අතර ඉන් එක් අයෙකුගේ ඇටසැකිලි පූජාවන් සමඟ රෙදි වර්ගයකින් ඔතා තිබූ බවටයි පුරාවිද්‍යාඥයින් හදුනා ගෙන ඇත්තේ

උතුරු පේරුහි වසර 5,000 ක් පමණ පැරණි Caral හි පූජනීය නගරය වැනි උත්සව සංකීර්ණවල නටබුන් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This