
පොඩිමැණිකේට පොඩි වෙන්න ගිය කාන්තාවක් මුදාගනී
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රියේ එන්ජිමේ ගැටී එන්ජිම තුල සිරවී සිටියදී පිරිසක් එම කාන්තාව එන්ජිම තුලින් ඉවතට ගෙන (28) දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
අද (28) පස්වරු 1:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නයේ පිහිටි හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදියි.
පොඩි මැණිකේ දුම්රිය සෙමෙන් ධානවය වූ බවත්, දුම්රිය අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ කාන්තාව දිගු වේලාවක් දුම්රිය මාර්ගය අසළ රැදී සිටි බවයි අනතුරින් එම කාන්තාව බේරාගත් පිරිස පවසන්නේ.
