පොරොන්දු වූ පොහොර සහනාධාරයත්, 33% විදුලි බිල අඩුවීමත් රජයට දෙන්න බැරි වෙලා -විපක්ෂ නායක සජිත්-

පොරොන්දු වූ පොහොර සහනාධාරයත්, 33% විදුලි බිල අඩුවීමත් රජයට දෙන්න බැරි වෙලා -විපක්ෂ නායක සජිත්-

ගොවිතැනේ නියැළෙන ජනතාවට රු. 25000 පොහොර සහනාධාරය තවමත් හරිහැටි ලැබී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පසුගිය පාර්ලිමේන්තුවේත් මේ ගැන තමා ප්‍රශ්න කළ බවත් තවමත් මේ සදහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණයෙන් 40%ක් පමණක් භාවිත කර ඇති බවත් අංගසම්පුර්ණ රු.25000 සහනාධාරය හරිහැටි නොලැබී ඇති බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගල්ගමුව සතිපොළ භූමියේ සහ ගිරිබාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී.

එහිදී ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ මේ වන විට ගොයම් පූදින කාලය බැවින් පොහොර සහනාධාර කඩිනමින් දිය යුතු බවත් එදා සුන්දර වචන භාවිත කරමින් කියු දේවල් අද කරන්න නොහැකි වී ඇති බවත් කතාව සහ ක්‍රියාව අතර බරපතල පරතරයක් ඇති බවයි.

විදුලි බිල 33%කින් අඩු කරනවා කියා මැතිවරණයට පෙර සඳහන් කළද විදුලි බල ඇමති 37%කින් වැඩි කරන්න යෝජනා වී ඇති බව පවසද්දී මාස 6කට විදුලි බිල අඩු කරන්න නොහැකි බව විදුලි බල මණ්ඩලය පවසද්දී මහජන උපයෝගීතා කොමිසම අදහස් යෝජනා ගෙන විදුලි බිල 20%කින් අඩු කරන්න යෝජනා කර ඇති බවත් එවැනි තත්ත්වයකදී මෙසේ විදුලි බිල අඩු කිරීම මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය බවට පවසන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.

මැතිවරණයේ දී එක් කතාවක් සහ දැන් තවත් කතාවක් කියමින් ජනතාවගේ ප්‍රබලතම ඉල්ලීම පවා නොසලකා හරින තත්ත්වයට රජය පත්ව ඇති බවයි ඒ මහතා සඳහන් කර සිටියේ.

විදුලි බිල අඩුකිරීම ගැන රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් ජනතව⁣ගේ සුබසිද්ධිය උදෙසා රාජ්‍ය පාලනය කරන හැටිවත් නොදන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කර සිටියා.

ආණ්ඩුව තුළ සිටින විවිධ කණ්ඩායම් කකුලෙන් අදිමින් වැඩ බැරි කම පෙන්වද්දි අසහනයට පීඩනයට පත් වන්නේ රටේ ජනතාව බවත් මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ ලබා දෙද්දි ඒ සුබ පණිවිඩය ජනතාවට දෙන එක රජයේ වගකීම වුවත් එය හරියට කරන්න නොහැකි වී ඇති බව ද විපක්ෂ නායකවරයා පෙන්වාදී තිබෙනවා.

රජය 33% විදුලි බිලේ අඩු කිරීම කරන තුරු ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටනක නියැලෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Share This