පොරොවෙන් ගසා “වැදූ අම්මාව මැරු” පුතෙක්

පොරොවෙන් ගසා “වැදූ අම්මාව මැරු” පුතෙක්

මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූ පුතා එල්ල කළ පොරෝ පහරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ මවක අද දහවල් මියගිය බව දකුණු කළුතර පොලිසිය සඳහන් කරනවා

මෙසේ මියගොස් ඇත්තේ කළුතර පලාතොට පදිංචි අනුලා පෙරේරා නමැති මවක්

ආහාර පිසිමින් සිටි මවට සැකකාර පුතා පොරොවකින් ගසා ඇත්තේ ඉකුත් 17 වැනි දායි .

පසුව ඇය නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 10 වෙනිදා දහවල් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ

සැකකාර පුතා ජූලි 13 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This