පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපති නිර්මල මහකුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපති නිර්මල මහකුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි

පොලිස් මාධ්‍ය කොට්ඨාසයට අනුයුක්තව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය භාරව රාජකාරි ඉටුකරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පරීක්ෂක ඩබ්. ඒ. ඩී. නිර්මල මහකුමාර මහතා වැලිසර ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (09) උදෑසන මියගොස් තිබෙනවා.

ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් සතියකට ආසන්න කාලයක් එම මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි අතර රෝගී තත්වය උත්සන්න වීම මරණයට හේතුව බවයි වාර්තා වන්නේ.

කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි ඩබ්. ඒ. ඩී. නිර්මල මහකුමාර මහතා දෙදරු පියෙකි.

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වී දිවයිනේ පොලිස් ස්ථාන රැසකට සිය සේවය ලබාදී ඇති ඒ මහතා පසුගිය වසර 10ක පමණ කාලය තුල පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කීර්තිමක් සේවයක් ඉටුකළ නිලධාරියෙකු ලෙස මාධ්‍යවේදීන් අතර වඩාත් ප්‍රකටය.

Share This