
පොලිස් මෙහෙයුම්වලින් ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය වැරදි කළ 1182 ක අත්අඩංගුවට – අපරාධකරුවන් 20 කුත් ඒ අතර
මත්ද්‍රව්‍ය හා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ ක්‍රියාත්මක කර ඇති සෝදිසි මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 1182 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මෙම මෙහෙයුම් අතරතුරදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 230 මිලිග්‍රෑම් 159ක ප්‍රමාණයක් හා හෙරොයින් ග්‍රෑම් 220 මිලිග්‍රෑම් 415ක ප්‍රමාණයක්ද ඇතුළත්ව මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගත් බවයි.
මෙම මෙහෙයුම් සදහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් 7600කට අධික පිරිසක් සහභාගී වී තිබෙනවා.
එහිදී පුද්ගලයන් 24,343 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 9727 හා යතුරුපැදි 7396 ක ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ එම විශේෂ වැටලීම්වලදී අපරාධවලට ඍජු ලෙස සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයන් 20 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම විවිධ වැරදි සම්බන්ධයෙන් වරෙන්තු කරුවන් 410 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මෙහෙයුම් අතර නීති විරෝධී ගිනි අවි හතරක් ද පොලීසිය භාරයට ගෙන තිබෙනවා.


