පොලිස් මෙහෙයුම් වලින් ඊයේ අපරාධවලට සම්බන්ධ වැරදිකරුවන් 1200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

පොලිස් මෙහෙයුම් වලින් ඊයේ අපරාධවලට සම්බන්ධ වැරදිකරුවන් 1200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

අපරාධ, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැකකටයුතු පුද්ගලයන් හා රථවාහන අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් මගින් ඊ‍යේ දිනයේ (04) මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 881 දෙනෙකු , අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 22 දෙනෙකු සහ වරෙන්තකරුවන් 389 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහාත් සංවිධානාත්මක අපරාදකරුවන් අත්අඩංගුවට ගැනීම සදහාත් මෙහෙයුම් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව එක්ව දෛනිකව මෙහෙයුම් සිදු කරනවා.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදා වේ 6141 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිිදු කර තිබුණා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ එහිදී පුද්ගලයන් 23 321 දෙනෙක්ද, වාහන 9459 ක්ද , යතුරු පැදි 7019 ක් පරීක්ෂාවට ලක් කළ බවයි.

එකී මෙහෙයුම් තුළදී නීති විරෝධී ගිනි අවි 04ක්ද ආරක්ෂක අංශ බාරයට ගෙන තිබෙනවා.

මෙකී මෙහෙයුම් අතරතුර රථවාහන වැරදි සම්බන්ධයෙන්ද මෙහෙයුම් පුලූල් කර ඇති අතර බීමත් රියදුරන් 97 ක් ද අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කළා.

එමෙන්ම අපරීක්ෂාකාරී රිය ධාවනය ඇතුළු රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 3314 ක් සදහාද ශ‍්‍රී ලංකා පොලීසිය මගින් නෛතික පියවර ගෙන තිබෙනවා.

 

Share This