පොලිස් මෙහෙයුම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 948 ක් සහ අපරාධකරුවන් 13 ක් අත්අඩංගුවට

පොලිස් මෙහෙයුම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 948 ක් සහ අපරාධකරුවන් 13 ක් අත්අඩංගුවට

රටතුළ නීතියෙහි ආධිපත්‍යය ස්ථාපනය කිරීම වෙනුවෙන් සහ මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදවා ගැනීම වෙනුවෙන් පොලීසි‍ය ,ත්‍රිවිධ හමුදාවේ සහය මත දෛනිකව සිදුකර මෙහෙයුම් වලදී ඊයේ (29) දිනය තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 948 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේ දී පුද්ගලයන් 25 111 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර වාහන 10,128 ක් , යතුරු පැදි 7734 ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් තුළදී අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 13 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි. එකී මෙහෙයුම් අතරතුරදී නීතිවිරෝධි ගිනි අවි 03ක් ද ආරක්ෂක අංශ බාරයට ගෙන තිබෙනවා.

Share This