පොහොට්ටුවේ බහුතර සහය රනිල්ට?

පොහොට්ටුවේ බහුතර සහය රනිල්ට?

ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකගේ සහය හිමිවනු ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

තමාගේ සහය ද රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන අතර රටේ ආර්ථික ස්ථාවරත්වය සහ රටේ අභිවෘද්ධිය සඳහා වන ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට එම සහය හිමිවන බවයි ඔහු සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.

Share This