
පොහොර මිල ඉහළ දැමීමට උපායන් යොදමින් සිටින බවට කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතිගෙන් චෝදනා
ලෝක වෙළඳපොලේ පොහොර මිල ඉහළ යමින් පවතින තත්ත්වයක් තුළ මෙරට නියෝජිතයින්ද පොහොර මිල ඉහළ දැමීමට යම් යම් උපායන් යොදමින් සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ පොහොර මිල වැඩ නොකිරීමට එකඟතාවකට පැමිණ ඇති බැවින්, පොහොර වැඩිමිලට අළෙවි කිරීමටද කිසිවෙකුට අවසරයක් නොමැති බවයි.
2025 යල කන්නයේ නිසි පරිදි පොහොර ලබාගැනීමට නොහැකි වීමෙන් ගොවීන් දැඩිව පීඩාවට පත්ව සිටින බව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වනවා.
ඇලහැර ගොවි ව්‍යාපාරයට අයත් නෑහින්න කොටසේ ගොවීන් පවසන්නේ සිය කුඹුරු බිම් කහ ගැන්වී විනාශයට පත්ව ඇති බවයි.
පොහොර මිටියක් ලබාගැනීමට රුපියල් 9000ක් වැනි මුදලක් වැය කිරිමට සිදුව ඇති බවද මේ වන විට ඇලහැර ගොවි ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර සිය ගණනන් කොළ කහවීමේ රෝගයකට ගොදුරු වී ඇති බවද ගොවීන් පවසනවා.
බාල පොහොර භාවිතයට ගැනීමට සිදුවීමද ගොයම විනාශ වීමට හේතුවක් වන බව ගොවීන් පවසන තවත් කරුණක්.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ බොහෝ කුඹුරු ගොයම් කහවීමේ රෝගයට ගොදුරු වී ඇති බව ගොවියන් වෙනුවෙන් හඩක් සංවිධානය මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසුවා.