පොහොර වර්ග රැසක මිල අඩු කිරීමට පියවර

පොහොර වර්ග රැසක මිල අඩු කිරීමට පියවර

කුරුඳු, තේ හා පොල් යන වැවිලි බෝගවලට භාවිතා කරන පොහොර සඳහා මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (17) උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය පොහොර සමාගම විසින් නිෂ්පාදනය කරන පොහොර වර්ග 5ක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (17) දින සිට රුපියල් 1500 සිට රුපියල් 2000 දක්වා මුදලකින් අඩු කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කර සිටියා.

පොහොර මිල ගණන් අඩු කිරීම සම්බන්ධව සාකච්ඡාවක් අද (17) දින කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පවත්වා ඇති අතර එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

Share This