පොළොන්නරුවේ ‘වී’ පිටතට ගෙන යාම තහනම් !
හාල් මිල ඉහළ යෑමත් සමඟ විශාල වශයෙන් වී තොග සඟවා ඇති බවට ලැබුණු තොරතුරු මත පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් පිටතට වී ප්‍රවාහනය කිරීම අත්හිටුවා ඇතැයි අද (27) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් සඳහන් කළා.
මීට හේතුව වී ඇත්තේ වී තොග සඟවා ඇති ස්ථාන වැටලීමට පාරිභෝගික සේවා අධිකාරිය හා පොලිසිය මේ දිනවල මෙහෙයුම් සිදුකිරීමයි.
මෙම වැටලීම් ක්‍රියාත්මක වීමත් සමඟ ඇතැම් ව්‍යාපාරිකයන් සඟවා ඇති තැන්වලින් වී තොග වෙනත් ප්‍රදේශවලට රැගෙන යෑම හා ඒවා සැඟවීමට උත්සාහ කරමින් සිටීම නිසා මෙලෙස වී ප්‍රවාහනය තාවකාලිකව නතර කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පුවත්පතට සඳහන් කර තිබෙනවා.