පොළොන්නරුව සංචාරක කේන්ද්‍රීය නගරයක් ලෙස සංවර්ධනය කරලීමට අවධානය
පොළොන්නරුව සංචාරක කේන්ද්‍රීය නගරයක් ලෙස සංවර්ධනය කරලීමට අවධානය යොමුව තිබෙනවා
ඒ අනුව විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර එහිදි පොළොන්නරුවට පැමිණෙන විදේශීය සංචාරකයින් පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් නවාතැන් නොගැනීම පිළිබඳව අවධානය යොමුවී ඇති බව සඳහන්
මේ හේතුවෙන් සංචාරක කර්මාන්තයේ ප්රතිලාභ ජනතාවට අත් නොවීම සහ එම ප්රතිලාභ ජනතාව අතරට බෙදී යෑමේ වැඩපිළිවෙළ සකස් කිරීම සහ පොළොන්නරුවට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනය වැඩි කරගැනීමේ යන කාරණා පිළිබඳව එහිදී සාකච්ඡා වී තිබෙනවා