පෝය දා වන අලියකුට මහියංගනයේ ජීවිතයක් බිළි

පෝය දා වන අලියකුට මහියංගනයේ ජීවිතයක් බිළි

වන අලි ප්‍රහාරයකින් මහියංගණ දෙහිගොල්ලේ තවත් පුද්ගලයෙක් මරුට –

මහියංගනය, දෙහිගොල්ල ප්‍රදේශයේ 46කණුව, ලිපිනයේ පදිංචි ටී.ජී.අබේරත්න වයස අවුරුදු 38 ක අවිවාහක පුද්ගලයෙකු අද (08) අළුයම 4.00ට පමණ වන අලි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා සිටියදී ප්‍රතිකාර සඳහා මහියංගණ මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.

මහියංගණ පොලිසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ දරුවන් 11 දෙනෙකුගෙන් යුතු පවුලක 09 වැන්නා බවයි.

ගම්වාසින් සමඟ බිබිල,කොටගම ප්‍රදේශයේ පැවති පෙරහැරක් නැරඹීම සඳහා ගොස් නැවත පැමිණ, බසයෙන් බැස මරණකරුගේ වැඩිමහල් සහෝදරයාගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී අවාසනාවන්ත ලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

සොරබොර,දෙහිගොල්ල, ගල්කොටුව ප්‍රදේශයේදීයි වන අලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

Share This