බංගලාදේශයේදී පැහැරගත් ශ්‍රී ලාංකික යුවල නිරුපද්‍රිතව මුදාගනියි

බංගලාදේශයේදී පැහැරගත් ශ්‍රී ලාංකික යුවල නිරුපද්‍රිතව මුදාගනියි

බංග්ලාදේශ සංචාරයක් අතුරතුර දී කප්පම් කල්ලියක් විසින් පැහැරගත් මෙරට ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ නිරුපද්‍රිතව මුදාගෙන තිබෙනවා.

පෙරේදා (23) දිනයේ අදාළ කප්පම් කල්ලිය ඔවුන් මුදා හැරීමට අවශ්‍ය නම් ඩොලර් මිලියන 20ක මුදලක් අවශ්‍ය බව ප්‍රකාශ කලා.

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය මඟින් ඒ බව ශ්‍රී ලංකා රජය වෙත දැන්වීමෙන් අනතුරුව ඔවුන් ඉන් මුදා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

එම උපදෙස් පරිදි වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, රාජ්‍ය බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය සහ විදේශ කටයතු අමාත්‍යංශයේ සුනිල් සිල්වා මහතා බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා සමඟ එක්ව කප්පම් කල්ලිය භාරයේ සිටි එම යුවල මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු කර තිබෙනවා.

බංග්ලාදේශයේ පොලිසියේ සහය ඇතිව සිදු කල මෙහෙයුමකදී අදාල ශ්‍රී ලාංකික යුවල මුදා ගැනීමට හැකියාව ලැබී ඇති අතර, එරට පොලිස් ආරක්ෂාව යටතේ සිටින එම යුවල අද (25) මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි බලධාරීන් කඩිනමින් ක්‍රියාත්මකවී බංග්ලාදේශ රජයේ සහයෝගය මත සිදුකල මෙහෙයුමක් නිසා යුවල නිරුපද්‍රිතව මුදවා ගැනීමට හැකියාව ලැබී තිබේ.

Share This