
බංග්ලාදේශයට බලපෑ සුළි කුණාටුවකින් 10 දෙනෙකු මරුට
බංග්ලාදේශයේ ප්‍රදේශ කිහිපයකට බලපා සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.
නිවාස 30,000කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර විදුලි සැපයීමට ද ඉන් බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පවතින තත්ත්වය හේතුවෙන් තවත් පිරිසක් සිර වී සිටින බව සඳහන්.
ඒ අනුව ඔවුන් මුදාගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.