බංග්ලාදේශයේ අගනුවර ගින්නක් – 43 දෙනෙකු මරුට

බංග්ලාදේශයේ අගනුවර ගින්නක් – 43 දෙනෙකු මරුට

බංග්ලාදේශයේ මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ(29) රාත්‍රී 10.00ට පමණ ප්‍රදේශයේ අවන්හලකින් මෙම ගින්න ආරම්භ වූ බව සඳහන්.

ගින්නෙන් පුද්ගලයන් 75ක් බේරාගෙන රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ගිනි නිවන නිලධාරීන් පවසන්නේ පැය දෙකකට පසු ගින්න පාලනය කර ඇති අතර ගින්න ඇතිවීමට හේතුව විමර්ශනය කරමින් සිටින බවයි.

තුවාල ලැබූ 22 දෙනෙකු අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබෙනවා.

වාණිජ හා නේවාසික ගොඩනැගිලිවල ගිනි ගැනීම් බංග්ලාදේශයෙන් නිතරම වාර්තා වනවා.

මේ නිසා එරට වැසියන් දුර්වල ආරක්ෂණ දැනුවත්භාවය සහ රෙගුලාසි ප්‍රමාණවත් ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා රජයට දෝෂාරෝපණය කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This