බංග්ලාදේශයේ අට හැවිරිදි දැරියක් දූෂණය කර මිය යාමත් සමඟ දැඩි විරෝධතා

බංග්ලාදේශයේ අට හැවිරිදි දැරියක් දූෂණය කර මිය යාමත් සමඟ දැඩි විරෝධතා

බංග්ලාදේශයේ 8 හැවිරිදි දැරියක් දූෂණයට ලක්වී මියයාමේ සිදුවීමක් මුල් කරගෙන එරට විරෝධතා ආරම්භ වී තිබෙනවා.

මෙම සිදුවීම හේතුවෙන් බංග්ලාදේශය දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකට මුහුණ දී ඇති බව සඳහන්.

පසුගිය මාර්තු 5 වන දින ඇයගේ වැඩිමහල් සහෝදරියගේ නිවසට යමින් සිටියදී මෙම දැරිය දූෂණයට ලක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සිද්ධියෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවූ දැරිය දින 6ක් පුරා ඩකා හි රෝහලක ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් දැරියගේ සහෝදරියගේ 18 හැවිරිදි සැමියා, ඔහුගේ මව්පියන් සහ සහෝදරයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

දැරියගේ මරණය පිළිබඳ පුවත ඇසීමෙන් පසු කෝපයට පත් පිරිසක් සිද්ධිය සිදු වූ බව කියන නිවසට කඩා වැදී එය ගිනි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විරෝධතාකරුවන් රජයට බලකර සිටින්නේ වින්දිත දැරියට කඩිනමින් යුක්තිය ඉටුකරන ලෙසයි.

Share This