බංග්ලාදේශයේ අධ්‍යාපන ආයතන යළි විවෘත වෙයි

බංග්ලාදේශයේ අධ්‍යාපන ආයතන යළි විවෘත වෙයි

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල, ද්විතීයික පාසල් සහ විද්‍යාල ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන නැවත විවෘත කර තිබෙනවා.

ෂෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා හැරීමට හේතුවූ ශිෂ්‍ය විරෝධතා කේන්ද්‍ර කර ගත් ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මාසයකට වැඩි කාලයක් එරට පුරා පිහිටි අධ්‍යාපන ආයතන වසා දමා තිබුණා.

බංග්ලාදේශයේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කළ දැනුම්දීමකට අනුව මෙලෙස අධ්‍යාපන ආයතන විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් ඩකා නගරයේ ස්ථාන රැසක දැඩි රථවාහන තදබදයක් ද පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This