බංග්ලාදේශයේ ජන්ද මධ්‍යස්ථාන 14ක් ගිනි තබයි

බංග්ලාදේශයේ ජන්ද මධ්‍යස්ථාන 14ක් ගිනි තබයි

බංග්ලාදේශයේ ඩකා අගනුවර ඇතුළු ඊට ආසන්න ප්‍රදේශවල ඡන්ද මධ්‍යස්ථාන 14කට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (07) දිනයේ සිදු වන අතර, ඊයේ (06) දිනයේ සිටයි මෙම ගිනි තැබීම් වාර්තා වී ඇත්තේ

කෙසේ වෙතත් සිකුරාදා දිනයේ මගී දුම්රියකට ද ගිනි තබා ඇති අතර ඉන් මගීන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම, මධ්‍යම ඩකා හි මගී දුම්රියේ ඇති වූ ගින්නට සම්බන්ධ බවට සැකපිට විපක්ෂයේ ප්‍රමුඛ දේශපාලනඥයෙකු වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නබිඋල්ලා නබි සහ තවත් පක්ෂ ක්‍රියාකාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

අගමැතිනි ෂීක් හසීනා අඛණ්ඩව සිව්වැනි වරටත් ජයග්‍රහණය කරනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා

Share This