බංග්ලාදේශය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙයි

බංග්ලාදේශය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශය කණ්ඩායමට ආරාධනා කළා

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගය ආසියානු කුසලාන මහා තරගයට බලපෑමක් එල්ල නොකරන අතර පෙර සූදානම් කර තිබූ තරගයක් බැවින් මෙය පැවැත්වෙනවා.

ඉන්දියාව දැනටමත් ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර ශ්‍රී ලංකාව ඊයේ (14) පාකිස්ථානය සමග පැවති තරගය කඩුලු 2කින් ජය ගැනීමට සමත් වුණා.

ඒ අනුව ලබන ඉරිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආසියානු කුසලානය වෙනුවෙන් තරග වඳිනු ඇති.

මේ අතර ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සඳහා සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.

Share This