
ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ 20-20 තරග 3ක්
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
2025 – 2027 කාලවකවනුවට අදාල ලෝක ටෙස්ට් ශූරතාවලිය ආරම්භ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟින් ටෙස්ට් තරග දෙකකට එක්වීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට ළගාවුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර මෙරටදී ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ 20-20 තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 17 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය මෙරටින් බිහිවූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් ටෙස්ට් තරගයද වනවා.