බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙක්

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව නායකයෙක්

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස Najmul Hossain Shanto පත්කළ බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Nazmul Hassan නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන කණ්ඩායම් තුනෙහිම නායකයා ලෙස පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නවසීලන්තයට එරෙහිව මෑත කාලීනව පැවති ටෙස්ට් තරගවලදීත් , පසුව නවසීලන්ත white-ball සංචාරයේදීත් Najmul Hossain Shanto විශිෂ්ට ලෙස තරග කරනු ලැබුවා.

Shantoගේ මෙම පත්වීම බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට නායකත්ව භූමිකාවක් ලබා දීමේ ප්‍රතිපත්තියේ වෙනසක් සනිටුහන් කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This