
බටලන්ද කොමිසමේ වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට -ඇමති නලින්ද කැබිනට් හමුවේදී කියයි-
බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට, කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබෙනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශවරයා මේ බව සඳහන් කළා.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කර තීරණය කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.