බණ්ඩාරනායක ගුණ සැමරේ (වීඩියෝ)

බණ්ඩාරනායක ගුණ සැමරේ (වීඩියෝ)

ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 123 වැනි ඡන්ම දින සැමරුම අදට යෙදී තිඛෙනවා.

ඒ වෙනුවෙන් වූ විශේෂ සමරු උත්සව දෙකක් අද (08) සංවිධානය කර තිබුණේ ගාලු මුවදොර පිහිටි එතුමාගේ පිළිරුව අභියසදීයි.

මෙරට බිහිවූ කෘතහස්ථ දේශපාලනඥයකු වන දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ ප්‍රථම ගුණ සැමරුම අද (08) පෙරවරුවේ පැවැත්වුණේ ඒ මහතාගේ දෙටු දියණිය වන හිටපු ජනාධිපතිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

බණ්ඩාරනායක සමාධි පදනම විසින් සංවිධානය කර තිබූ එම උත්සවය ආගමික වතාවත්වලින් ආරම්භ කෙරුණා.

ඉන් අනතුරුව බණ්ඩාරනායක සමරුව වෙත පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කෙරුණා.

එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය නියෝජනය කළ විශාල පිරිසක් එක්ව සිටියා.

පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ද ඊට සහභාගි වුණා.

එම උත්සවයෙන් අනතුරුව ඒ වෙනුවෙන් සවිකර තිබූ කොඩිකණු ගැලවීමට උත්සාහ කළත් ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය නියෝජනය කරන තවත් පිරිසක් පැමිණ එය වළක්වනු ලැබුවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය විසින් සංවිධානය කර තිබූ අනෙක් ගුණ සමරු උත්සවය සඳහායි.

ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වවෙන් අද (08) පෙරවරු 10.30 පමණ ආරම්භ කෙරුණා.

එම උත්සවය සඳහා වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.

 

Share This